මහ වැස්සත් අධිවේගයත් නිසා පහත් බිම් යටවේ… (VIDEO)

0
587

අත්තනගල්ල ප්‍රා.ලේ කොට්ඨාසයේ වේයන්ගොඩ නගරය ආශ්‍රිතව දංවිලාන-කළගෙඩිහේන මාර්ගය ස්ථාන කිහිපයක් ජලයෙන් යටව තිබුණි. ජල ගැලීම නිසා ඇතැම් වාහන කාර්මික දෝෂ වලට ලක්ව තිබෙනු දැකිය හැකිවිය. එලෙසින්ම වේයන්ගොඩ -මල්ලැහැව මාර්ගයේ අඩි දෙකක පමණ ජලය රැඳී තිබූ අතර වේයන්ගොඩ- නිට්ටඹුව මාර්ගයද ඇතැම් ස්ථාන ජලයෙන් යටවී තිබුණි. අත්තනගලු ඔය පිටාර ගැලීමත් ජලය ගලා බසිනා පහත් බිම් ගොඩ කිරීමත් මීට හේතුව බව පෙනී යයි.

එමෙන්ම අධිවේගී මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් පෙරටත් වඩා වැඩි ප්‍රදේශ ප්‍රමාණයක් එක වැස්සකින් යටවී ඇති අයුරු වීඩියෝ දර්ශනයක් අපවෙත ලැබී ඇත. සාමාන්‍යයෙන් දින හය හතක පමණ වැස්සකට පමණක් මේ ප්‍රදේශ සාමාන්‍යයෙන් යටවන බවත් පළමු වතාවට එක් වැස්සකින් මෙවැනි හානියක් දක්නට ලැබුණු බවත් ප්‍රදේශවාසීහූ පවසති.
නගරය ආසන්නයෙන් ගලා බසිනා දී ඇල්ලේ ඔයද පිටාර මට්ටමට පැමිණ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here