Tuesday, November 26, 2024

පොලිසිය වාහන ගණන් කරයි

නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 886 ක් ගෙවුණු පැය 24 තුළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මාතලේ ප්‍රදේශයෙන් 147 ක්, කුලියාපිටියෙන් 100 ක් හා මහනුවර ප්‍ර්‍රදේශයෙන් 85 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 29,975 ක් පමණ වන බවයි.

ඊයේ දිනයේදී බස්නාහිරින් ඇතුළුවන හා පිටවන ස්ථාන 14 කදී වාහන 3,969 ක් හා ඒවායේ ගමන් කළ පුද්ගලයින් 4,191 ක් පරීක්ෂාවට ලක් කර තිබේ.

මෙයින් වාහන 154 ක ගමන් කළ පුද්ගලයින් 275ක් ආපසු හරවා යවා ඇත.

තව ද ඊයේ දිනයේ කොළඹට ඇතුළු වූ වාහනවලින් වැඩි සංඛ්‍යාවක් එනම් 27% ක් පමණ මූල්‍ය ආයතනවලට අදාල වාහන වන අතර එය 16,571 කි.

සෞඛ්‍ය කේෂ්ත්‍රයට අදාළ වාහන 8,412 ක් රාජ්‍ය නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රවාහනය කළ වාහන 9,498 ක් කොළඹ නගරයට පැමිණි තිබේ.

තව ද රෝගීන් රැගෙන කොළඹට ඇතුළු වූ වාහන ගණන 3,968 කි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ, හේතුවක් නොමැතිව අත්‍යවශ්‍ය සේවා සඳහා රාජකාරි නොකරන පුද්ගලයින් ගමන් කිරීම සපුරා තහනම් බවය.
(newsfirst)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles