ආයු කාලය වැඩිවන ඖෂධයක් ඊශ්‍රායලය නිපදවයි…!

0
583
Agnes Keleti, former Olympic gold medal winning gymnast, reacts to fireworks going off on her birthday cake in Budapest, Hungary Monday Jan. 4, 2021. The oldest living Olympic champion turns 100 and says the fondest memory of her remarkable life is simply that she has lived through it all. Keleti had her illustrious career interrupted by World War II and the subsequent cancellation of the 1940 and 1944 Olympics. (AP Photo/Laszlo Balogh)

පරිවර්තනය – ජගත් විජේවර්ධන

අවුරුදු 120ක් නිරෝගීව ජීවත් විය හැකි ආකාරයේ ඖෂධයක් ඊශ්‍රායලය විසින් නිපදවා ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

පර්යේෂණාගාර මීයන් යොදා කාලයක් තිස්සේ සිදු කරන ලද මෙම පරීක්ෂණයෙහි ප්‍රතිපලයක් ලෙස මෙම ඖෂධයෙන් මීයන්ගේ ආයු කාලය 23%කින් ඉහළ ගොස් ඇති බව තහවුරු වී ඇත.

SIRT6 යන ප්‍රෝටීනය වැඩිදියුණු කර මෙම ඖෂධය නිපදවා ඇති අතර එමගින් මීයන්ගේ ආයු කාලය පමණක් නොව නිරෝගී පැවැත්මද වැඩිදියුණු වී ඇති බව පැවසේ.

මෙම පර්යේෂණයේ ප්‍රධානියකු වන ඊශ්‍රායලයේ බාර්-ඉලාන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හයිම් කොහේන් මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල් පුවත්පතකට සදහන් කොට තිබුණේ මීයන්ගේ මෙම ප්‍රතිඵල මිනිසුන්ට පරිවර්තනය ‌කොට බැලුවහොත් ඉතා සිත් ගන්නා සුලු ප්‍රතිපල ලබා ගත හැති බවකි.

වැඩිදුරටත් ඔහු සදහන් කොට ඇත්තේ මෙම ප්‍රෝටීනය නිවැරදිව මිනිසුන්ට ලබා දිය හැකි නම් වසර 120ක් නිරෝගීව ජීවත් වීමේ හැකියාව ලබා ගත හැකි බවකි.
ඊශ්‍රායලයේ විද්‍යාඥයන් මීයන් 250 ක් පිළිබඳව සාර්ථකව අත්හදා බැලීම් කර ඇති අතර ඔවුන්ගේ ආයු අපේක්ෂාව සියයට 23 කින් පමණ ඉහළ නංවා ඇත. විද්‍යාඥයන් මෙම ඇදහිය නොහැකි ප්‍රතිපල අත්කර ගත්තේ වයසින් අඩු වීමට පටන් ගන්නා ප්‍රෝටීනයක් වන SIRT6 සැපයුම වැඩි කිරීමෙනි. “මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ SIRT6 මහලු වියේදී හෝමියස්ටැසිස් වල බලය දුර්වල කිරීම, සෞඛ්‍ය සම්පන්න බව ,වියපත් වීම යන කරුණු වලට බලපාන බවයි.

SIRT6 ප්‍රෝටීන් වැඩි කිරීමෙන් ආයු අපේක්ෂාව ඉහළ නැංවූවා පමණක් නොව, සාමාන්‍ය මීයන් හා සසඳන විට ඔවුන් වඩාත් තරුණ හා පිළිකා රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු බව පෙන්නුම් කරයි.

පර්යේෂණ කණ්ඩායමට නායකත්වය දුන් බාර්-ඉලාන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හයිම් කොහෙන් පැවසුවේ අත්හදා බැලීමෙන් පසු මීයන්ගේ ආයු අපේක්ෂාව වෙනස් කිරීම අතිශයින්ම වැදගත් බවයි. මීයන් තුළ දක්නට ලැබෙන ප්‍රතිපල මිනිසුන්ට අදාළ වන්නේ නම්, සාමාන්‍ය මිනිසෙකු අවුරුදු 120 ක් දක්වා දිවි ගලවා ගත හැකි බව ඔහු පැවසීය. “මීයන් තුළ අප දුටු වෙනස්කම් මිනිසුන්ට පරිවර්තනය කළ හැකි අතර එසේ වුවහොත් එය සිත්ගන්නාසුළු වනු ඇත,” කොහෙන් ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල’යට පැවසීය.

මුල් සබැඳිය
www.timesofisrael.com/israeli-scientists-extend-mices-lives-by-23-say-method-may-work-on-humans/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here