නීති කඩන හාම්පුතුන් ගැන කියන්න! – කම්කරු දෙපාර්තමේන්තුව

0
1026

කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ‘අප අමතන්න’ යටතේ සඳහන් කර ඇති දුරස්ථ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කම්කරු නීතිවලට අදාළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් පැමිණිලි, විමසීම් සිදුකළ හැකි බව දැනුම් දෙයි.

ඊට අදාළ ලිඛිත විමසීම් තමා සේවය කරන හෝ සේවය කරන ලද ආයතනය පිහිටා තිබෙන බලප්‍රදේශයට අයත් කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමට ද මහජනතාවට අවස්ථාව සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පවතින කොවිඩ් තත්ත්වය මත කම්කරු දෙපාර්තමේන්තුවට අයත් කම්කරු කාර්යාල මහජනතාව සඳහා විවෘත නොවන නමුත් අවශ්‍ය සේවා සැපයීමට පියවර ගෙන ඇති බව දැනුම් දී තිබේ.

කම්කරු දෙපාර්තමේන්තුවට අයත් නිල වෙබ් අඩවිය – http://www.labourdept.gov.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here