Sunday, October 6, 2024

2025ට නාමල්…..!

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ ඇති ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ඇති ආයතන පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ් අනුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 6 ක් එම රාජ්‍ය අමාත්‍යංශය යටතට පවරා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ එම අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව කාර්මික තාක්ෂණ ආයතනය , ජාතික විද්‍යා තාක්ෂණ කොමිෂන් සභාව සහ සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන ද එම රාජ්‍ය අමාත්‍යංශය යටතට අයත් වේ.

ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ද නාමල් රාජපක්ෂ මහතාගේ නව රාජ්‍ය අමාත්‍යංශය යටතට පවරා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අනුබද්ධ ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම හා පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තවදුරටත් තාක්ෂණ විෂය පථයට ඇතුලත් වනු ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles