Sunday, October 6, 2024

ලුණු වලට හොඳ කලක්….!

මේ දිනවල ලුණු වලට ඇත්තේද ඉහළ ඉල්ලුමකි. කහ වවන්නට ගොස් අවසානයේ කහ මිල කැසිල්ල දනවන සුළු විය. ෆේස් මාස්ක් ආනයනය නතර කළ අතර දැන් ඒවායේ මිලද ඉහළ ගොස්ය. ලුණු ඉල්ලුම ඉහළ යන්නේ එක්ස්ප්‍රස් පර්ල් අනතුර නිසාය. තවමත් ලංකාවේ මාස 6කට පමණ තරම් ලුණු තොග ඇත. ලුණු නිෂ්පාදනයේදී අද දවසේ මුහුදු වතුරෙන් හෙට දවසේ ලුණු නිපදවන්නේ නැති අතර බොහෝවිට අද දවසේ මුහුදු ජලයෙන් නිෂ්පාදනය කරන ලුණු අප වෙත ලැබෙන්නෙ වසරක්වත් ඉක්මවූ පසුය.

කෙසේ නමුත් ජනතාව අනවශ්‍ය ලුණු තොග රැස්කරන්නට වීම නිසා ලුණු හිඟයක් ඇති බවක් කියවේ. ඒ අතර අද,

හම්බන්තොට ලංකා ලුණු සමාගම යාපනය ප්‍රදේශයට බෙදාහැරීම සඳහා පෞද්ගලික ලොරියක් මගින් මුද්‍රා තබා යැවූ ලුණු ටොන් 20ක් අතුරුදන් වී ඇතැයි ලැබුණු පැමිණිල්ලක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles