Saturday, October 5, 2024

නෑසූ කන්ව සිටීමට තීරණය කරති

ලෝක පරිසර දිනය යෙදී තිබූ ඊයේ දිනයේදී දඹුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරලගොල්ල ග්‍රාම නිලධාරි වසමේ පිහිටා තිබූ වලළගම්බා රජ දවස ඉදි වූ බව කියන ඒදඬුකොටේ වැව් බැම්මේ වටිනා ගස් ඩෝසර් දමා විනාශ කර තිබෙනවා. වැව් බැම්ම කපා ඉඩම් අල්ලා ගැනීමේ ජාවාරමක් ඒ හරහා ක්‍රියාත්මක බවයි ප්‍රදේශවාසින් චෝදනා කළේ.

පෙරවරුවේ සිදු වූ  මෙම පරිසර හානිය පිළිබඳව අවස්ථා ගණනාවකදීම දඹුල්ල ගොවිජන සේවා නිලධාරීන්ට දැනුම් දුන්න ද කිසිදු අයෙකු පැමිණ මෙම විනාශය නවතා දැමීමට කටයුතු නොකළ බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.
(කාංචන ආරියදාස)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles