විශේෂ අවසරයක් පිට ‘යාල කැලේ’ විවෘත වෙයි..

0
392
ලබන 08 වැනි දා යාල ජාතික වනෝද්‍යානය විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ, ප්‍රංශ නාවික හමුදා සාමාජකයින් පිරිසක් මෙරටට පැමිණීම හේතුවෙනි.

අප කළ විමසීමකදී වනජීවි දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, එදිනට පමණක් ජාතික වනෝද්‍යානය විවෘත කර තබන්නැයි දැනුම් දී ඇති බවය.

එම නාවිකයින්ගේ සංචාරක කටයුතු සියල්ල සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදුවන බව ද එම නිලධාරීයා කියා සිටියේය.

නාවික හමුදාව පැවසුවේ, ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here