Tuesday, November 26, 2024

කරුණාකර සියලු බැංකු විවෘත කරන්න – මහබැංකුව

මෙරට වාණිජ බැංකු සහ බලපත්‍ර ලාභී බැංකු නිරෝධායන නීතිවලට යටත්ව ගනුදෙනුකරුවන් සඳහා විවෘතව තබන ලෙස මහ බැංකුව අදාළ බැංකු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.

එහි දැක්වෙන්නේ, අදාළ බැංකු විවෘත තැබීම සඳහා අවසරය සහ උපදෙස් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් මහ බැංකුව විසින් ලබාගත් බවයි.

ඒ අනුව වාණිජ බැංකු සහ බලපත්‍රලාභී බැංකු සිය පාරිභෝගික ජනතාවගේ බැංකු සේවාවන් නොකඩවා පවත්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු වේ.

ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර හරහා මුදල් ලබා ගැනීමට හා තැන්පත් කිරීමට අවස්ථාව ලබාදිය යුතු අතර අත්‍යවශ්‍ය කටයුතු විමසීම සඳහා විශේෂ දුරකතන අංකයක් ද බැංකු විසින් ලබාදිය යුතුයි.

ඩිජිටල් බැංකුසේවා ද ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන මහ බැංකුව, මුල්‍ය කටයුතු, භාණ්ඩාගාර මෙහෙයුම්, නිෂ්කශන, විශ්‍රාම වැටුප් හා වැටුප් ගෙවීම් සහ විශේෂ මුල්‍ය සේවා පහසුකම් සඳහා අදාළ වාණිජ සහ බලපත්‍ර ලාභී බැංකු කටයුතු කිරීමේ අවශ්‍යතාව අදාළ චක්‍රලේඛ්‍ය මගින් පෙන්වා දී තිබේ.

මේ අතර මෙරට ප්‍රධානපෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් ඔවුන්ගේ නිල වෙබ් අඩවිවල දක්වා තිබුණේ,  අද දිනයේ සිට සතියක කාලයක් ගනුදෙනුකරුවන්ට බැංකු විවෘත නොවන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles