ගම්පහට ගැලුවේ දේවානි නිසයි – ලාන්සා

0
422

ගම්පහ දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර තත්ත්වයට හේතුව අවිධිමත් ඉඩම් ගොඩකිරීම් නොව දේවානි ජයතිලක මහත්මිය විසින් කළ ප්‍රමාදය බව අමාත්‍ය නිමල් ලංසා මහතා පවසනව. එතුමා එම අදහස් ප්‍රකාශ කරේ ඊයේ අරලියගහ මන්දිරයේ සිට සිදුකළ අධිවේගී සහ කුළුණුමත මාර්ග පද්ධතියක් සෑදීමේ ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට එක් වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

”මධ්‍යම අධිවේගී මාර්ගය නිසා සමහර ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීම ගැන මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා. නමුත් කියන්න ඕන මේ අධිවේගී මාර්ග සෑදු කිසිම ස්ථානයක ගංවතුර ගැටළු ඇතිවෙලා නැහැ. නමුත් එක්තරා නෝනා කෙනෙක් ඇවිත් බාධා නොවන්න මේ වෙනකොට ඒ ප්‍රදේශයේ ඇල මාර්ග පිළිසකර කරලා, සංවර්ධනය කරලා මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සිදුකරන්න තිබ්බා. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ අධිවේගී මාර්ගය කුළුණු මතින් ගෙන යන වැඩපිළිවෙළක් තිබ්බේ. දැන් අපිට ඒ ගැටලුව ගැන බලන්න සිද්ධ වෙලා තියෙනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here