පළමු රැල්ලේ මිනිය විකුණයි, දෙවැනි රැල්ලේ ක්‍රිකට් ගසයි…

0
497

දිවයින පුරා සංචරණ සීමා පණවා ඇති පසුබිමක සහ පොලීසිය ඩ්‍රෝන යානා මගින් පොකුරු නිවාස ආශ්‍රිත ක්‍රීඩා පිටි වල ක්‍රීඩා කරන දරුවන් අත්අඩංගුවට ගන්නා හෝ බැණ වැදී එළවා දමන තත්ත්වයක හැටන් වල අමුතු දෙයක් වාර්තා වෙයි.

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා විසින් කාන්තා ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කර තිබේ.

ඒ අනුව කොටගල CLF ක්‍රිඩා පිටියේදී ලංකා කම්කරු කොන්ග්‍රසයේ කාන්තා අංශයේ සාමාජිකාවන් අදාළ තරඟාවලියට සහභාගී ඇති බවයි ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කරන්නේ. එලෙසම ජයග්‍රාහකයින්ට තෑගි පිරිනැමීමද ඔහුගේ අතින් සිදුව ඇති බව වාර්තා වේ.

රජයේ ඇමතිවරුන්ම රටේ නීති විහිලුවකට ලක්කරමින් ක්‍රීඩා කිරීමත් ඔහු විසින්ම කොවිඩ් පළමු රැල්ලේදී සිය පියාගේ මෘත දේහය සමග ‘මලයනාඩුව’ වටා සංචාරය කිරීමත් කැපී පෙනෙයි.

මෙවැනි දේ සම්බන්ධයෙන් නි.පොලිස්පති අජිත් රෝහණ මැතිතුමා දක්වන අදහස් දැනගැනීමට අපි කැමැත්තෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here