Monday, November 25, 2024

අනාගත සංවර්ධනයේ මූලස්ථානය කොළඹයි – ආචාර්ය කබ්රාල්

ඩොලර් බිලියන 80ක් පමණ වන ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉදිරි වසරවලදී “කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන්” සැලකිය යුතු දායකත්වයක් ලැබෙතැයි රජය අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒ බව පැවසුවේ  “ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2021” අමතමිනි.

අද (09) එම ආයෝජන සමුළුවේ තෙවන දිනය වේ.

එහිදී රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා පැවසුවේ, “වරාය නගරය ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක ඉදි කිරීමට තිබුණා. ඒත් එය පිහිටුවන්න තීරණය වුණේ කොළඹ නගරය ආසන්නයෙන්. මොකද රටට වැඩිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ වරාය නගරය එතන පිහිටුවීමෙන්. අපි එය කළා. සැලසුම් අවසන් කළා. අදාළ නීති සම්මත කරගත්තා. යටිතළ පහසුකම් සම්පූර්ණ කරමින් ඉන්නවා. අපිට දැන් අවශ්‍ය ඒ වෙත ක්‍රමාණුකූල ආයෝජන ගලා ඒමක් සඳහා සුදුසු අවස්ථා නිර්මාණය කිරීම. ඉන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට අඩු තරමේ අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක දායකත්වයක් හිමිවෙතැයි අපේක්ෂා කරනවා. ඉන් මුල් වසර කිහිපයේදී රටේ අමෙරිකානු ඩොලර් බිලියන 80ක ආර්ථිකයට දායකත්වයක් ලැබේවි. සමහර විට ඉන් පසු වසර 5, 6කදි ඒ මගින් අමෙරිකානු ඩොලර් බිලියන 15ක පමණ දායකත්වයක් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට හිමිවේවි. අපිට එය සාර්ථක කරගන්න පුළුවන් වුණොත්, අපිට මෙරට මූලික සාර්ව ආර්ථිකය වේගයෙන් වෙනස්වනවා දැකගන්න පුළුවන් වේවි. මම ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා. කරුණාකරලා එන්න. වරාය නගරය සතු ශක්‍යතාව හඳුනාගන්න. එය දියුණුවන ආසියාවේ එක් වැදගත් කොටසක්. එය මඟහැරගන්න එපා,” යනුවෙනි.
(ADA DERANA)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles