Monday, October 28, 2024

රටේ නායකත්වයට බණ්ඩාර ‘නායකයින්‘!

“නායකත්වයට නායකයෙන්” – 2003 අපේ එකෙක් යන තේමාව ඔස්සේ
ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ 2003 වසර කණ්ඩායමේ ආදී සිසුන් වන චාමර ජයසිංහ, රුවන් මාපලගම හා තිළිණ ජයවර්ධන ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර (2024) පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ නව දේශපාලන පරිච්ඡේදයකට මුල පුරමින් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන ඔවුන් ඊයෙ (26) නිට්ටඹුව මන්දාර ‍රෝයල් රිසෝර්ට් හී දී එකම වේදිකාවකට පැමිණීම විශේෂත්වයක්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්‍යයභාරය, ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්ද ක්‍රම, රට වෙනුවෙන් සහ ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔවුන් බලයට පැමිණි පසු මැදිහත් වන්නට අපේක්ෂා කරන ප්‍රතිපත්තිමය මැදිහත්වීම් සම්බන්ධයෙන් එහිදී ගැඹුරින් සංවාදයේ යෙදුණි.

හෝරා කීපයක් පැවැති මෙම දේශපාලන වැඩසටන සාම්ප්‍රදායික විවාදයක් නොවී සාධනීය සංවාදයක් ලෙස සංවිධානය කරනු ලැබූයේ NAYAKANZ 2003 කණ්ඩායම විසිනි.. එම වසරේ ආදිසිසු කණ්ඩායමේ විශාල පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ එම වසරේ කණ්ඩායමේ ආදි සිසුවෙකු වන සහ රාජ්‍ය පරිපාලන නිලධාරියෙක් වන සුරංග රණසිංහ මහතා විසිනි.

දේශපාලනය යනු පොරපිටියක් නොව උණුසුම් සහ සංවාදාත්මක, මහජන සුබ සිද්ධිය උදෙසා සිදුකළ යුතු වෘත්තීමය මැදහත්වීමක් බවට වන ආදර්ශය රටට පෙන්වු මහැඟි වැඩසටහනක් ලෙස මෙය බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය.

Related Articles

Latest Articles