Monday, November 25, 2024

ශ්‍රී ලාංකිකයෙකුට ආසියාවෙන් සම්මානයක්…….!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ වෘත්තිකයෙකු වන දිනුක චන්ද්‍රරත්න මහතා හට රූලා ජාත්‍යන්තර සංවිධානය හා ලෝක පර්යේෂණ සම්මේලනය විසින් ආසියානු සම්මාන උළෙලේ 2021 වසර සඳහා වූ “ආසියාවේ විශිෂ්ටතම සේවා සම්මානය” පිරිනමා ඇත.

ආසියාවේ අංක එකේ සන්නාම හා නායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙල ලෙස සැලකෙන මෙම සම්මාන උළෙල 2021 ජුනි 29 වන දින ඉන්දියාවේ මදුරයිි නුවර මැරියට් කෝට්යාඩ් හිදී පැවැත්වේ. දිනුක චන්ද්‍රරත්න යනු වෘත්තීය රක්ෂණ නියෝජිතයෙකු සහ අවදානම් අවම කිරීමේ උපදේශකවරයෙකි. වසර 18 කට වැඩි කාලයක් රක්ෂණ ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබා ඇති මොහු, දිවයිනේ බොහෝ ප්‍රමුඛ සමාගම් සහ පුද්ගලයින්ට හට වඩාත් සුදුසු අවදානම් අවම කිරීමේ ක්‍රමවේදයන් සහ ඊට සරිලන රක්ෂණ විසඳුම් ලබා දී ඇත. වාර්ෂිකව සේවාදායකයින් දෙදහසකට අධික සංඛ්‍යාවක් දිනුකගේ සේවාවන් භාවිතා කරන අතර, ජීවිත රක්ෂණ නොවන සාමාන්‍ය රක්ෂණ උපදේශනයේ ශ්‍රී ලංකාවේ ප්‍රචලිත රක්ෂණ වෘත්තිකයෙකු ලෙස ඔහු කීර්තියක් අත්කර ගෙන ඇත. ඔහු සිය වෘත්තීය ජීවිතය පුරාම දිනාගත් සම්මාන සහ ඇගයීම්, ඔහු රක්ෂණ උපදේශන ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු යන වග මනාව පිළිබිඹු කරයි.කොළඹදී උපත ලද සහ හැදී වැඩුණු දිනූක, කොළඹ නාලන්දා විද්‍යාලයෙන් බිහිවූ තවත් එක් විශිෂ්ට ආදි සිසුවෙකි.

2003 වසරේදී තම පවුලේ ව්‍යාපාරය වන චන්ද්‍රරත්න කන්සල්ටන්සි සර්විසස් (පුද්) සමාගමෙහි අධ්‍යක්ෂකවරයෙකු ලෙස සම්බන්ධ වෙමින්, එමගින් ක්‍රියාත්මක වූ ජනශක්ති රක්ෂණ සමාගමේ (වර්තමානයේ අලියාන්ස් ලංකා රක්ෂණ සමාගමේ) මහරගම ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ පරිපාලනයට එක්විය. ඉතා කෙටිකලක් තුලදී රක්ෂණයේ මූලික කරුණු පිළිබඳව ඉතා ශක්තිමත් අඩිතාලමක් දමාගත් දිනුක, තම පියාගේ අඩිපාරේ යමින් රක්ෂණ අලෙවිකරණ ක්ෂේත්‍රයට පිවිසීය. රක්ෂණ උපදේශකයෙකු ලෙස සහ අවදානම් අවම කිරීම පිළිබඳ සැලකිය යුතු අත්දැකීමක් ලබා ගැනීමෙන් පසු, දිනූක සිය ව්‍යාපාර පරිපාලනය සහ මානව කළමනාකරණය පිලිබඳ දැණුම වර්ධනය කර ගැනීම සඳහා එක්සත් රාජධානියේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධිය ලබා ගන්නා අතර, ඉන්පසුව තම ව්‍යාපාර ජාලය පුළුල් කරමින් ඔහුගේම උපදේශන සමාගමක් වන “චන්ද්‍රරත්න උපදේශන සේවා” (Chandraratne Consultancy Services) සමාගම 2019 වසරේදී ආරම්භ කරන ලදී.

ප්‍රධාන වශයෙන් වාහන නොවන සාමාන්‍ය රක්ෂණ අංශය පිළිබඳ ඔහුගේ ඇති ප්‍රමුඛ දැනුම, ලංකාවේ බොහෝ සේවාදායකයින් විසින් ලබා ගන්නා අතර, ඔහුගේ නිවැරදි උපදේශන කුසලතාවය, විශිෂ්ට පාරිභෝගික සේවය සහ ප්‍රියමනාප පෞරුෂය නිසා, උසස් මට්ටමේ ස්ථිර ආයතනික හා තනි පුද්ගල සේවාදායකයින් හා ගනුදෙනුකරුවන් රාශියක් ගොඩනගා ගැනීමට ඔහුට හැකිවී තිබේ. රක්ෂණ අලෙවිකරණයේ විශිෂ්ටත්වයට පත්වෙමින් ජනශක්ති රක්ෂණ සමාගමේ වසර 5 කට වැඩි අවස්ථාවක් සභාපතිතුමන්ගේ සංගමයේ සාමාජිකත්වය ජයග්‍රහණය කල ඉතා සුළු පිරිසෙන් කෙනෙකු බවට පත්ව ඇති මොහු, ජනශක්ති සහ අලියාන්ස් යන රක්ෂණ සමාගම් දෙකෙහිම ඔහුගේ වෘත්තීය කාණ්ඩය සඳහා සෑම වසරකම පාහේ සම්මාන දිනා ගෙන ඇත. තවද ඔහුව වර්තමාන අලියාන්ස් රක්ෂණ සමාගමේ කීර්තිමත් මිලියනපතියන්ගේ සමාජයේ සාමාජිකයෙකු ලෙසද නම් කර ඇත. එබැවින් අද ඔහු ශ්‍රී ලංකාවේ වෘත්තීය රක්ෂණ උපදේශනයේ උච්චතම ස්ථානයට පැමිණ ඇති වෘතියවේදියෙකු බව පැවසීම ඉතා නිවැරදිය.දිනුක වෘත්තීමය වශයෙන් ශක්තිමත් වනවාත් සමගම, තම ධනය, ශ්‍රමය සහ හැකියාවන් අසරණ ජනතාව උදෙසා කැප කිරීමට 2009 වසරේ සිට ජාත්‍යන්තර සිංහ සමාජය හා එක්ව කටයුතු කරයි. ඔහු මහරගම ගෝල්ඩන් සිටි සිංහ සමාජයේ වරලත් සාමාජිකයෙක් සහ හිටපු සභාපතිවරයෙක්ද වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles