සෞඛ්‍ය සේවයට විශ්‍රාමිකයන් ගෙන්වීමට හදිසි තීරණයක්..

0
418
විශ්‍රාමික හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යවරියට උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත්තේ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව හෙද සේවයේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (09) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

හෙද හෙදියන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ කාර්යයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු විමසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here