Monday, November 25, 2024

අද විශ්‍රාම වැටුප් ගෙවයි..

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු හෙට (10) සහ අනිද්දා  (11) විවෘතව තැබෙන බව ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි.

එම කාර්ය සාධක බළකාය සඳහන් කළේ තැපැල් කාර්යාල ජුනි 10,11 සහ 12 වන දින වල විවෘතව තැබීමට උපදෙස් දී ඇති බවය.

එම දීමනා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, අවසර පත්‍ර ලෙස භාවිතා කළ හැකි බව ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර විශ්‍රාම වැටුප් ගැනීම සඳහා යන පුද්ගලයින් හට නොමිලයේ ප්‍රවාහන පහසුකම් සැපයිමට හමුදාව පියවර ගෙන ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles