අපි තමයි හොඳටම දන්නේ – පාදෙණිය

0
467

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් කාබනික ගොවිතැන ගැන ඉගෙනගෙන නොමැති බවටත් ඇතැම් නිලධාරීන් පැහැදිලිවම කෘෂි රසායන සමාගම්වලින් යැපෙන බවටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා චෝදනා කරයි. එසේ පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවේදීය

“මේ කාබනික ගොවිතැන කියන එක පිළිබඳ අපේ මේ ඉන්න සමහර කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් ඉගෙනගෙන නෑ. ඒ අය දන්නෙ නෑ ඒක ගැන. එතකොට ඒක ගැන අද ලෝකෙ දියුණු වෙලා තියෙනවා. එතකොට කාබනික ගොවිතැන දියුණු කරන්න අර නයිට්‍රිජන් ප්‍රමාණය ෆික්ස් කරලා වැඩිකිරීම සඳහා තියෙනවා අද තාක්ෂණය. ඒක නිසා බටහිර කාබනික ගොවිතැන කියන එක ඉගනගත්ත අයගෙ තාක්ෂණය අපි මෙරටට ගන්න අවශ්‍යයි. ඒ තාක්ෂණය ගැනීම සඳහා අපි නිහතමානී වෙන්න අවශ්‍යයි. මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් දන්නෙත් නෑ, දන්න කෙනෙක්ගෙන් අහන්න ලෑස්තිත් නෑ. අනිත් එක ඒ අය සමහර පිරිස් මේ කියන කෘෂි රසායන සමාගම්වලින් පැහැදිලිවම යැපෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 
(LNW)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here