යළිත් ලීසිං සහන

0
520

කොවිඩ් 19 තෙවැනි රැල්ලේ ව්‍යාප්තියත් සමඟම බලපෑමට ලක්වූ පුද්ගලයින් හා ව්‍යාපාර විසිිින් සහන සලසන මෙන් කළ ඉල්ලීම් රැසක් මේ වන විට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් හා ව්‍යාපාර වෙත ලබා දෙන ණය සහන දීර්ඝ කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙතින් ඉල්ලීමක් කර තිබේ.

මෙම සහන සඳහා සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන් ඊට අදාළ අයදුම්පත් 2021 ජූලි 15 දින හෝ ඊට පෙර අදාළ සමාගම් වෙත යැවිය යුතු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ සම්බන්ධයෙන් බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙත නිකුත් කරන ලද චක්‍රලේඛය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here