රාජකාරි අවශ්‍යතා මත පොලීසියේ මාරුවීම්

0
493

සේවා අවශ්‍යතා මත පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදියි.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී එම් බන්දුලසේන ගාල්ල කොට්ඨාසයේ සිට අහංගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

පානදුර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් වනිගතුංග ස්ථාන මාරුකර ඇත්තේ කළුතර කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සදහායි.

ඇල්පිටිය කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂක ඩබ්ලිව් කේ එස් එල් විජේවීර පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. පොලිස් පරීක්ෂක කේ ඩී එල් ද සිල්වා ස්ථාන මාරු කර ඇත්තේ වව්නියාව කොට්ඨාසයේ සිට මාමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here