තිරිඟු පිටි මිලත් ඉහළට…? ගෑස් මිලත් නඟින ලකුණු..

0
452
තිරිඟු පිටි මිල ඉහළ දැමීමට පිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ.

පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ ඉල්ලීම මේ වනවිට තම අමාත්‍යාංශයට යොමු කර ඇති බවය.

ඔවුන් සඳහන් කර ඇත්තේ නිෂ්පාදන මිල ඉහළ යාම සහ මෙරට විදේශ විනිමය අනුපාතවල පහළ යාම හේතුවෙන් සිය නිෂ්පාදන සඳහා යන පිරිවැය වැඩි වී ඇති බවය.

වැඩිවූ ඉන්ධන මිල හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලත් ඉහළ යාමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here