අද Marine Drive පාවිච්චි කරන්න

0
352

ගාලු පාරේ දෙහිවල සිට කොළඹ දක්වා ගමන්ගන්නා සියලුම වාහන අද (14) සිට වැල්ලවත්තෙන් මුහුදුබඩ මාර්ගයට (Marine Drive) හරවන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ මහ නගර සභාව විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ මලාපවහන නල මාර්ගයක් අළුත්වැඩියා කිරීම හේතුවෙන් එම විකල්ප මාර්ගය භාවිත කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

වාහන තදබදය වළක්වා ගැනීමට ඉහත පියවර අනුගමනය කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here