ගම්පහ ‘අධිවේගය’ තාවකාලිකව අත්හිටුවයි…

0
345

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එහි ඉදිකිරීම් සැලැස්ම නැවත සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹෙන තෙක් ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන බව අමාත්‍යවරයා පැවසීය.

පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවූ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් එවැනි තත්ත්වයක් උද්ගත වූ බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here