කුමාර් චොක්ශනාද සංඝක්කාර – ICC Hall of fame

0
532
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ” හෝල් ඔෆ් ෆේම් ” (ICC Hall of Fame) ක්‍රීඩක ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ කුමාර් සංගක්කාර මහතාගේ නම ඇතුළත් කර තිබෙනවා.

ලබන 18 වනදා ආරම්භ වන පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සමගාමීව මෙම විශේෂ ” හෝල් ඔෆ් ෆේම් ” ක්‍රීඩක ලැයිස්තුව එළිදක්වා තිබෙනවා.

කුමාර් සංගක්කාර මහතාට අමතරව තවත් විශිෂ්ට ක්‍රීඩකයින් 9 දෙනෙකු අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නම් කළ ” හෝල් ඔෆ් ෆේම් ” ක්‍රීඩක ලැයිස්තුව ඇතුළත්.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ යුග 5 කට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් අදාළ ලැයිස්තුවට ඇතුළත්.

කුමාර් සංගක්කාර හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර ඇත්තේ 1996 සිට 2015 කාලයට අදාළවයි. මුත්තයියා මුරලිදරන් මීට පෙර එම නාමාවලියට ඇතුළත්ව තිබේ.

ඒ අනුව මේ වන විට ක්‍රීඩකයින් 103 දෙනෙකු අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ” හෝල් ඔෆ් ෆේම් ” ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here