Monday, September 23, 2024

කන්‍යාකුමාරී, තූත්තුකුඩි, රාමේෂ්වරම්, චෙන්නායි හි ආරක්ෂාව තර කරයි..

ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට එරට බුද්ධි අංශවලට අනාවරණයවීමත් සමග තමිල්නාඩු  ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර තිබේ. 

තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 

ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය මධ්‍යම බුද්ධි අංශය විසින් පසුගිය සෙනසුරාදා පස්වරුවේ අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණි. 

බුද්ධි අංශ ආරංචි මාර්ගවලට අනුව ආයුධ සන්නද්ධ පිරිසක් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ. 

වෙරළබඩ ප්‍රදේශකරා ගමන් කරන සියලුම ප්‍රධාන මාර්ගවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර තමිල්නාඩු වෙරළ තීරයට ළගාවීමට දරණ ඕනෑම උත්සහයක් වළක්වා ගැනීම සඳහා වෙරළ ආරක්ෂක මුර සේවය ද ඉහළ දමා ඇති බව සඳහන්ය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles