Tuesday, September 24, 2024

මෙවන් ඛේදජනක අවස්ථාවක මන්ත්‍රීවරුන්ට බිලියන ගණනක වාහන ගෙන්වීම හිතක් පපුවක් ඇති පාලකයන්ට කළ නොහැකියි – වජිර අබේවර්ධන

ජනතාව පීඩාවට පත්ව ඇති මෙවන් ඛේදජනක අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන 229 ක් රුපියල් බිලියන ගණනක් යොදවා ගෙන්වීම හිතක් පපුවක් ඇති පාලකයන්ට කළ නොහැක්කක් බව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

“ලෝකයේ ඇති වන ආර්ථික තත්ත්වයන් පිළිබඳ මනා අවබෝධයකින් ක්‍රියා කිරීම නිසා මහජනතාවට ඒ සහන භුක්ති විඳීමට අවස්ථාව උදා විය. එවකට අපගේ රජයේ බලාපොරොත්තුව වූයේ ඉන්ධන සඳහා මිළ සූත්‍රයක් හඳුන්වා දීමටය. එම මිළ සූත්‍රය හඳුන්වා දී තිබුණේ නම් පසුගිය වසර කිහිපය තුළ මහජනතාවට රුපියල් බිලියන ගණනක වාසියක් සිදු වීමට නියමිතව තිබුණි. නමුත් විරුද්ධ පක්ෂයේ අඬබෙර ගැසීම නිසා වැරදි අර්ථකතන නිසා මහජනතාවට නිසි අවබෝධයක් ලබා දීමෙන් තොරව මිළ සූත්‍රයට උසුළු විසුළු කර විනාශ කරන ලදී.

මිළ සූත්‍රය දැනටත් ආසියාතික රටවලත්, යුරෝපීය රටවලත් ක්‍රියාත්මක වෙයි. අපේ රජය උත්සහ කළේ දිනපතා වෙනස්වීම වෙනුවට මසකට වරක් හෝ එම තෙල් මිල සංශෝධනය කිරීම සදහායි. නමුත් අවාසනාවකට එවකට විරුද්ධ පක්ෂයේ තිබුණු අකටයුතුකම් නිසා එම තත්ත්වය මහජනතාවට භුක්ති විඳීමට අවස්ථාව නොලැබුණි. පසුගිය වසර කිහිපයක්ම ලෝකයේ තෙල් බැරලකයකට ඩෙලාර් 60 සිට 26 දක්වා ඩු වී තිබුණු මොහොතක රජය ඩොලර් 60 තෙල් බැරලයේ වාසිය රුපියල් බිලියණ ගණනක් ලබා ගත් ආණ්ඩුව වර්තමානයේ නැවත තෙල් මිළ ඉහළ ගියා යැයි පවසමින් දරා ගැනීමට නොහැකි ලෙස තෙල් මිළ ඉහළ දැමීම මහා ජාතික අපරාධයකි.

වසර ගණනාවක් තෙල් බැරලය ඩොලර් 60  සිට 26 දක්වා අඩු වී තිබෙන මොහොතක එහි වාසිය ජනතාවට භුක්ති විඳීමට නොදී වර්තමානයේ කෝවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වී සිටින මහජනතාව, සෑම අංශයක්ම ආර්ථික වශයනේ කඩා වැටී තිබෙන අවස්ථාවක, මහජනතාව පිට මෙම බරපතල තත්ත්වය ඇති කිරීම එක්සත් ජාතික පක්ෂ ලෙස අප තරයේම හෙළා දකින බව සඳහන් කරමි.

එපමණක් නොව මෙවන් ඛේදජනක අවස්ථාවක පාර්ලිමේන්තුවට වාහන 229 ක් රුපියල් බිලියන ගණනක් යොදවා ගෙන්වීම ද හිතක් පපුවක් ඇති පාලකයන්ට කළ නොහැක්කකි. එය ද කිරීමට පෙළඹුණු මෙවන් රජයක් පිළිබඳව ජනතාව පුදුමයට පත් වී සිටි. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ ජීවිත කාලය තුළ විවිධ අවස්ථාවල වාහන බලපත්‍ර ගණනාවක් අතහැර ක්‍රියා කර ඇති නායකයෙකි. එතුමා 23 වන දින පාර්ලිමේන්තුවට සැපත්වන්නේ සුඛෝප භෝගී වාහනයක් ලබා ගැනීමට නොව එය ප්‍රතික්ෂේප කිරීමටය. මෙවන් අධූරදර්ශී අදහස් තිබෙන පාලන යන්ත්‍රයක් වෙනස් කිරීම අනාගතයේදී සිහි බුද්ධියෙන් කළ යුතු කාර්යයක් බව ද මතක් කරමි.

ඒ අතරේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2015 ජනවාරි 08 වෙනිදායින් පසු GSP + යුරෝපා සහනය ශ්‍රී ලංකාවට ලබා ගත් අතර ධීවර, මතස්‍ය අපනයන කටයුතු තහනම් කොට තිබූ යුරෝපීය තහනම ද ඉවත් කර ධීවරයන්ටත් රැකියා කරන්නන්ගේ රැකියාත් සුරක්ෂිතකොට රට පාලනය කරන අවස්ථාවක බොරුවෙන් වංචාවෙන් මහජනතාව මුලාකර අමාරුවේ දැමීම පිළිබඳ අප මහජනතාව නැවත කල්පනාවෙන් සිතා බැලි යුතුව ඇත.

කෝවිඩ් 19 න් පීඩා විඳින ශ්‍රී ලාංකික මහජනතාව මෙවන් තත්ත්වයකට ගොදුරු කිරීම රටකට පාලනයක් අවශ්‍ය නොවන බව ද වැඩි දුරටත් මතක් කිරීමට කැමතිය. මේ තත්ත්වය තුළ තව මාස කිහිපයක් යන විට මේ රටේ ජනතාවට ජීවත් වීම කෙසේ වෙතත් කේවිඩ් වසංගතයෙන් මරණය කරා ගමන් කරන ජනතාව ආර්ථික වශයෙන් ද සම්පූර්ණයෙන් මරණය කරා ලඟා කිරීම ඉතා අවාසනාවන්ත පාලන යන්ත්‍රයක් බව මේ අවස්ථාවේදී වැඩි දුරටත් සඳහන් කිරීමට කැමැත්තෙමි.

මේ රටේ පසුගිය මහා ගං වතුරින් පීඩාවට පත් වූ ජනතාව, කෝවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වූ ජනතාව, නැව විනාශ වීම නිසා ධීවරයන්ට සිදු වූ බරපතල ඛේදවාචකය දෙස බැලූ විට දේශපාලන වශයෙන් ජනතාව ගම් මට්ටමින් බලා ගැනීම ද ආරම්භ කර නැත. ඒ හරහා දේශපාලනමය හේතුන් මත රුපියල් 5000 ලබා නොදීම බරපතල ඛේදවාචක තත්ත්වයකි. ව්‍යාපාරිකයන්ට තම වෙළඳ සැල් විවෘත කරන අවස්ථාවලදී, අවුරුදු 20,25 ව්‍යාපාර කරන පුද්ගලයන් ඇතැම් නගරවල ඔවුන්ගේ වෙළඳ සැල් වසා දමා තමන්ගේ හිතවාදින්ගේ වෙළඳ සැල් විවෘත කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම නිලධාරින්ට හා ආර්ථික නිලධාරින්ට බල කිරීම හරහා රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින්ම විශ්වාසය බිඳ වැටෙන තත්ත්වයට පත් කිරීම පිළිබඳව ද අපගේ බලවත් කණගාටුව හා විරෝධය මේ අවස්ථාවේදී ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.“

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles