ඔන්ලයින් අරක්කු බෙදීමට අවසර…!

0
653
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලැබී ඇතැයි, සුරාබදු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඊයේ (15) සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළේ, ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ලබා ගැනීම සඳහා වූ ඉල්ලිම් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ හා නිර්දේශ අනුමැතිය සඳහා මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කළ බවයි.

මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබුණ හොත් මාර්ගස්ථ ක්‍රමයට මත්පැන් බෙදාහැරිම සඳහා ඉතාමත් ම සීමිත කෝන්දේසි සහගත අවසරයක් පමණක් ලබා දිමට හැකි බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසී ය.

සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළේ, ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ලබා ගැනීම සඳහා මත්පැන් කර්මාන්තයේ නියුතු ආයතන , ජාලගත සුපිරි වෙළෙඳසැල් මෙන්ම මත්පැන් පාරිභෝගිකයන් විසින් ද සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විවිධ ඉල්ලිම් කළ බවයි.

රටේ අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ පවත්වාගත නොහැකිව, පහසුකම් නොමැතිව ලතවෙන ලක්ෂ ගණනක් ගැමි පාසල් දරුවන් සිටියදී ආණ්ඩුව ගත් මෙම තීරණය ගැන සාමාන්‍ය ජනතාව කනගාටුව පළකරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here