අද (17) සහ හෙට (18)ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ

0
512

අද (17) සහ හෙට (18) යන දෙදින තුළ තොග වෙළෙඳාම සඳහා දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර තැබීමට පියවර ගෙන ඇත.

ජංගම වෙළෙඳුන්ට අවශ්‍ය එළවළු සහ පළතුරු තොග මිලදී ගැනීම සඳහා එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතී.

ඒ අනුව අද අලුයම සිට පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ සහ මත්ස්‍ය වෙළෙඳපොළ ද තොග වෙළෙඳාම් සඳහා විවෘත කර තිබුණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දින එළවළුවල කිලෝවක තොග මිල පහත පරිදි සටහන් වී තිබූ බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

බෝංචි රුපියල් 220 -250
ගෝවා රුපියල් 100 -120
අමුමිරිස් රුපියල් 150- 200
ලීක්ස් රුපියල් 140 -160
දඹල රුපියල් 150 -160
කරවිල රුපියල් 280 -300
කැරට් රුපියල් 130 -150
වට්ටක්කා රුපියල් 35 – 45
මාළුමිරිස් රුපියල් 280 – 300
පිපිඤ්ඤා රුපියල් 45 – 60
වම්බටු රුපියල් 110 -140
මෑ කරල් රුපියල් 150 – 160
පතෝල රුපියල් 80 -100
වැටකොළු රුපියල් 120 -140
එළබටු රුපියල් 200 – 220
නෝකෝල් රුපියල් 90 – 110

ada derana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here