Friday, November 15, 2024

සෞඛ්‍ය නිලධාරීන්ට ජනාධිපතිවරයා දෙහිකපයි..

පසුගිය දිනවල ඉතා විශාල මරණ සංඛ්‍යාවන් එක දින තුළදී වාර්තා වූ අතර ඒ සම්බන්ධව සමාජයේ දැඩි විවේචන එල්ල වූයේ ඒවා වාර්තා කරන අද්භූතසහගත ක්‍රමවේදයන් නිසාය. එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය වු ජනාධිපතිවරයා පැවසීය.

තමා මේ පිළිබඳ සොයා බලා දැනුවත් වු නමුත් රූපවාහිනිය ඉදිරියේ කථා කරන නිලධාරීන් මේ පිළිබඳ දැනුවත් නොවීම විශාල ගැටලුවක් බවත්, නිවැරදි දත්ත විශ්ලේෂණය නොකිරීම බරපතළ ගැටලුවක් බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

“ජූනි 14 අරින්න හිටියා. එකපාරටම 11 වෙනිදා 101 දෙනෙක් මැරුණා කියලා ආවා. මේක ඇහුවහම හැමෝම බයවෙනවා නේ. බුද්ධි අංශයට කිව්වා ගෙයින් ගෙට ගිහින් මේ ගැන හොයලා දෙන්න කියලා. ජූනි 11 මැරුණහම 10 වෙනිදා රාත්‍රී 12 ඉදලා 11 වෙනිදා රාත්‍රී 12 දක්වා නේ වාර්තා කරන්න ඕනේ. එදා වාර්තා කළ පළමු එක්කෙනා මැරිලා තියෙන්නේ පෙබරවාරී මාසේ 6වෙනිදා. ආදාහනය කරලා තියෙනවා එදිනම. මරණ සහතිකයකුත් දීලා තියෙනවා. ඊළඟ කෙනා අවුරුදු 67යි. හෝමාගම එක්කෙනෙක්. මෙයා මරණයට පත්වෙලා තියෙන්නේ අප්‍රේල් 1 වන දා. වාර්තා කරන්නේ ජූනි 11වෙනදා. 9වෙනි පුද්ගලයාත් 10 වෙනි පුද්ගලයාත් එක්කෙනාමයි. ඒකත් මේ 101කට අයිතියි. මම මේක බැලුවට ටීවි එකට කතා කරන එක්ස්ප්‍රට්ලා දන්නේ නෑ නේ. මම කිව්වා මේක හරි තැන්වලට දාන්න කියලා.“

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles