ශ්‍රී ලංකා තැපැල් – අත්‍යවශ්‍ය සේවා වෙයි

0
396

සංචරණ සීමා කාලසීමාවේදී තැපැල් සේවයට අදාළ කාර්යයන් ද අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පි.බි ජයසුන්දර විසින් ඒ සදහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

ඒ අනුව දේශීය හා විදේශීය ලිපි, මුද්‍රිත ද්‍රව්‍ය හා පාර්සල් භාරගැනීම, බෙදාහැරීම සහ තොරතුරු වාර්තා කිරීම සහ ලියාපදිංචි ලිපි වටිනාකම ගෙවා භාර දීමේ සේවාව සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී ක්‍රියාත්මකයි.

එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දේශීය හා විදේශීය අධිවේගී තැපැල් සේවාව, ඖෂධ බෙදාහැරීමේ විශේෂ සේවාව හා මුදල් හුවමාරුව ඇතුළු තැපැල් සේවාවට අදාළ කාර්යයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here