Friday, September 20, 2024

දුම්රිය ධාවන සටහන

සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු හෙට (21) සිට 23 වැනිදා රාත්‍රී 10.00 දක්වා පළාත් අතර පමණක් දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 6ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 4ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 4ක් සහ පුත්තලම මාර්ගයේ දුම්රිය 3ක් ධාවනය කරවීමට පියවර ගෙන ඇතැයි ද ගාමිණී සෙනෙවිරත්න මහතා කියයි.

ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස දුම්රිය ස්ථානයේ සිට දුම්රිය 3ක්, මීරිගම, වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථානවල සිට දුම්රිය බැගින්, මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම සිට දුම්රිය 4ක්, කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල සහ පාදුක්ක සිට දුම්රිය 2 බැගින් සහ හලාවත දුම්රිය මාරගයේ කොච්චිකඩේ සිට දුම්රියක් සහ මීගමුව සිට දුම්රිය 2 ක් ධාවනය කරන බව ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

ප්‍රධාන මාර්ගයේ වේයන්ගොඩ සහ මීරිගම සිට එන දුම්රිය දෙකක් පානදුර දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන අතර සෙසු දුම්රිය මරදාල සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන දක්වා ධාවනයවීමට නියමිතය.

මීට අමතරව ඒ ඒ පළාත් අතර දුම්රිය ධාවනය කෙරෙන අතර මහනුවර සහ අනුරාධපුර කොට්ඨාශවලත්, පොල්ගහවෙල සහ මහව දුම්රිය ස්ථාන අතරත් දුම්රිය බැගින් ධාවනය වන බව ද නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles