ධීවර උද්ඝෝෂණයක් අදත් උණුසුම් වෙයි…

0
511

මෝදර ඩිලාසාල් ප්‍රදේශයේ ධීවරයින් අද (20) පස්වරුවේ උද්ඝෝෂණයක නිරතවිය.

ඒ පසුගියදා ගිනිගත් එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාවේ බලපෑමෙන් සිය වටිනා ධීවර දැල් විනාශ වී ඇති බව පවසමිනි.

ධීවරයින් පෙන්වා දෙන්නේ සිය ධීවර දැල්වල ඉවත් කිරීමට අපහසු පුළුන් වැනි යමක් තැන්පත් වී ඇති බවය.

ඒ සම්බන්ධයෙන් විසඳුම්දීමට බලධාරීන් නොපැමිණෙන බවද ඔවුන් චෝදනා කරයි.

විරෝධතාවය පැවැති ස්ථානයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් පුබුදු ජයගොඩ මහතා පැමිණීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

ඒ මෝදර පොලීසිය විසින් ඔහුව පොලිස් ජීප් රථයට නංවා ගන්නට දැරූ උත්සාහයත් සමගය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here