Saturday, September 21, 2024

උදය මැතිඳු අද තනියම වෙල මැද්දේ.. විශ්වාස භංගය හෙට භාරදෙයි..

මෑතදී ඉන්ධන මිල ඉහළ යාමෙන් පසු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පත්ව ඇති දුක්ඛිත තත්ත්වය පිළිබඳව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කවියකින් පවසා තිබෙනවා.
පසුගියදා යූ ටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසුවා.
මෙහිදී “ඇත්තටම ගම්මන්පිලට මොකද වුණේ?” යනුවෙන් එහි නිවේදකයා අසනවා.
ඊට රනිල් වික්‍රමසිංහ පිළිතුරු දෙන්නේ මෙලෙසින්.

බැසිල්ගේ සෙනග වට කරගෙන තෙල් යුද්දේ
උදය මැතිඳු  අද තනියම වෙලමැද්දේ

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට (22) දින කථානායකවරයාට භාරදෙන බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඒ බව පැවසීය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තුවේදී රැස්විය.

කරුණු 10ක් පදනම් කර ගනිමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පසුගියදා විශ්වාසභංග යෝජනාවක් අත්සන් කළේය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට කථානායකවරයාට භාරදෙන බව සමඟි ජන බලවේගය පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles