ඉන්දීය ‘ඩ්‍රෝන යානා’ ඇත්තටම ඒවිද?

0
456
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව කියමින් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඩ්‍රෝන යාන යොදවන බවට ඉන්දීය නාවික හමුදාව සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අද කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරිණ.

එවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේ දැයි මාධ්‍යවේදිහු කැබිනට් ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියහ.

ඊට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, ඒ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යංශය අවශ්‍ය ප්‍රමාණයට මැදිහත්ව කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් භූ දේශපාලනය හා සම්බන්ධ කලාපීය ගැටලු ඉතිහාසයේ සිට තිබී ඇති බව ද කැබිනට් ප්‍රකාශකවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here