Saturday, September 21, 2024

සජබයෙන් ‘විරෝධතාවක්’

පවතින ඉන්ධන මිල ගණන් ඉහළ යාම සම්බන්ධව සමගි ජන බලවේගය අද පාර්ලිමේන්තු පරිශ්‍රයට ආසන්න රාජගිරිය-බත්තරමුල්ල ප්‍රදේශවලදී විරෝධතා ව්‍යාපාරයක නිරත විය. එහිදී විවිධ වර්ගවල වාහන වල යමින් ‘දැන් සැපද?’ යන තේමා පාඨය සහිතව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආදාරකරුවන් සාමකාමී විරෝධතාවයක නිරත විය,

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා..

🔼ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමගම ඒ හා සමගාමීව ගෑස් මිල ඉහළ නැංවීමේ තීරණාත්මක උවමනාව ආණ්ඩුවට දැඩිව පැවති නමුත් සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය දිගින් දිගටම ගෙන ගිය අරගලය හේතුවෙන් ආණ්ඩුවට සිය තීන්දුව හකුළා ගන්නට සිදුව තිබේ

🔼ඉන්ධන මිල වැඩි කළ දා සිටම සමගි ජන බලවේගය ඒ අත්තනෝමතික තීන්දුවට එරෙහිව රටපුරා විරෝධතා ව්‍යාපාර පවත්වනු ලැබීය.

🔼එහි කූටප්‍රාප්තිය ලෙස අද දිනයේ දී සමගි ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන් රථ පෙළපාලියකින් ආණ්ඩුවේ මේ තීන්දුවට එරෙහිව සිය විරෝධය පළ කළහ.

වගකිව යුතු විපක්ෂයක් ලෙස සිය කාර්යභාරය ජනතාව උදෙසා කොන්දේසි විරහිතව ඉටුකිරීමට අප නොපැකිළව ඉදිරිපත් වන බව දන්වා සිටිමු.එකී අරගලයෙහි ප්‍රතිඵලයක් ලෙස  ආණ්ඩුව විසින් ගනු ලැබූ ගෑස් මිල ඉහළ නැංවීමේ තීන්දුව හකුළා ගන්නට සිදුව තිබේ.

🔼කෙසේ වෙතත්, ඉන්ධන මිල ඉහළ දැමීමේ තීන්දුව ද ආණ්ඩුව සහමුලින් හකුළා ගන්නා තුරු අපගේ අරගලය නොනවතින බව ද මේ මොහොතේ සඳහන් කරමු .

ආණ්ඩුව විසින් රටට එරෙහිව රැගෙන එන ඕනෑම කටයුත්තකට එරහිව සමගි ජන බලවේගය ජනතාව වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින බව සහතික කරමු.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles