රනිලුත් අභයාරාමයට යයි.

0
416

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු  අද (23) පස්වරුවේ  නාරාහේන්පිට අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන්  බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

ආනන්ද හිමියන් එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සේවාව ඇගයීමකට ලක් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රී කොල්ලුපිටිය වාලුකාරාමයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

එහිදීකොල්ලුපිටිය වාලුකාරාමය ප්‍රමුඛ පංච මහා විහාරාධිපති කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ  සභාවේ රත්මලාන පාර්ශවයේ උපාධ්‍යාය කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක මහරගම නන්ද නාහිමියන් බැහැදුටු රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව බුද්ධ පූජා පිංකමකට ද සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here