පොසොන් පුරපසලොස්වක පොහොය දිනය අදයි…

0
531

අසිරිමත් පොසොන් පුර පසළොස්වක පෝය.
ලක්වාසීන් බෞද්ධ සංස්‌කෘතියක සාඩම්බර හිමිකරුවන් කළ අනුබුදු මිහිඳුහිමි වැඩි, පොසොන් පුර පසළොස්වක පෝය දිනය අදයි!

දෙවන පෑතිස් රජතුමාගේ බුද්ධිය පිරික්සූ මිහිදු මා හිමියෝ අඹ හා ඥාති පැන ඉදිරිපත් කරමින් සුහද සංවාදයක යෙදුණහ. මෙය ලොවේ පැරැණිතම බුද්ධි පරීක්‍ෂණය ලෙස ද සලකනු ලැබේ. නුවණැති රජතුමා ගැන පැහැදුණු අනු බුදු මිහිදු හිමියෝ ඇත් පිය උපමාවෙන් යුතු වූ ‘චුල්ලහත්ථි පදෝපම සූත්‍රය’ සුමිහිරි නාදයෙන් දේශනා කළ සේක

මෙසේ අසරණ වූ ලංකාවාසීන්ට අනුකම්පා කළ අනුබුදු මිහිඳු හිමියෝ දඹදිව වේදසගිරි නුවරින් ලක්දිව මිස්සක පව්වට වැඩම කළේ ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී උදා වූ අද වැනි සුපින්බර පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදී ය.
දොළොස් මහේ පොහොය අතුරින් සුවිශේෂි වූ පොසොන් මහේ පුර පසළොස්වක පොහොය ලාංකේය ජනතාවගේ සිත සදහම් ප්‍රදීපයෙන් ඒකාලෝක කරවා ලක්දිව්තලය මාණික්‍යයක් සේ සද්ධර්මයෙන් බැබළ වූ අසිරිමත් දිනයයි.

රටේ බහුතර ජනතාවකට කලකට පසු පොසොන් පොහොය පවා අමතක වන කනගාටුදායක කොරෝනා තත්ත්ව දිවයිනෙන් ඉක්මනින් පහව යනු ඇතැයි CIA ඇප පැතුමයි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here