දකුණු මුහුදේ තවත් නැවක් ගිනිගනී!

0
357

කොළඹ වරායේ සිට සිංගප්පුරුව බලා යාත්‍රා කරමින් තිබු MSC MESSINA නම් බහාලුම් ප්‍රවාහන නෞකාවේ එංජිමේ ගින්නක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා පවසනවා.

මහ රාවණා ප්‍රදීපාගාරයේ සිට නැගෙනහිර දෙසට වන්නට පිහිටි නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු කලාපයේදී මෙම නෞකාවේ ගින්නක් හටගෙන ඇති බවට අද අලුයම දැනුම් දී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මෙම නෞකාව යාත්‍රා කරමින් තිබෙන මුහුදු කලාපය ශ්‍රී ලංකාවේ ගලවා ගැනීමේ කලාපයට අයත් බැවින් අදාළ අංශ සියල්ලම මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නාවික හමුදාව පියවර ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here