Sunday, September 22, 2024

සජිත්ගෙන් යෝජනා 6ක්..

ජනාධිපතිවරයා අද ජාතිය අමතන බව පැවසෙන අතර, ඔහු නොවලහා කළ යුත්තේ වැඩි කළ ඉන්ධන මිල වහාම පහත හෙලීම සහ අත්තනෝමතික ලෙස තීන්දු කළ පොහොර තහනම හකුලාගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී ප්‍රකාශ කර තිබෙනවා.

තම පක්ෂය ආණ්ඩුව විසින් ගත් අත්තනෝමතික තීන්දු වලට එරෙහිව ජනතාව සමග අරගල කළ බවත් එය නොනවතින අරගලයක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා.

ජාතිය අමතමින් සිදු කිරීමට නියමිත ප්‍රකාශයේදී ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන ගැටලු 6කට විසඳුම් දෙන ලෙස තමන් බලකර සිටින බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , මේ වනවිට ජනතාව බරපතළ ලෙස මුහුණදී සිටින ගැටලු 6 කට ජනාධිපතිවරයා විසඳුම් දෙනු ඇතැයි, අපේක්ෂා කරන බවද සඳහන් කර තිබෙනවා .

විපක්ෂ නායකවරයා සිය විශේෂ ප්‍රකාශයේදී,

• පැවති මිලට ම ඉන්ධන මිල ගණන් පහත දැමීම.
• පොහොර භාවිතය වෙනස් කිරීම සැලසුම් සහගතවසිදු කිරීම සහ ඉදිරි කන්න සඳහා හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබා දීම.
• එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් ධීවර ජනතාවට සිදු වූ හානිය වෙනුවෙන් ස්ථීරසාර සහානාධාර වැඩපිළිවෙළක් එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් විනාශ වී පරිසර පද්ධතිය යළි සංරක්ෂණය කිරීම.
• ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටින දරුවන් වෙනුවන් ඉතා ඉක්මන් විසඳුම් ලබා දීම.
• කොරෝනා වසංගත ව්‍යාප්තියට පාලනයට නිසි පියවර ගැනීම (එන්නත්කරණය කඩිනම් කිරීම, සෞඛ්‍ය අංශවලට අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබාදීම, රෝහල් පහසුකම් වැඩි කිරීම, PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම)
• කඩා වැටී ඇති ජන ජීවිත ගොඩනගන්නට ජනතාවට සහනයක් වන මූල්‍ය ශක්තියක් ලබා දීම යන කරුණු පිළිබඳව සිය අවධානය යොමු කර තිබෙනවා.

ජනාධිපතිවරයා සිය ජාතිය ඇමතීමේ දී මෙම ගැටලු විසඳනු ඇතැයි අපේක්ෂා කරන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles