ඉන්දියාව සීරුවෙන්…!

0
401

ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව පිළිබද ලෝකයේ බලවත් රටවල් අතර පවතින උණුසුම්කාරී තත්වය වර්ධනය කරමින් නව ගුවන් යානා හාරක නෞකාවක් දියත් කිරීමට ඉන්දියාව සූදානම් වනවා.

අයි එන් එස් වික්‍රන්ට් නම් වන ප්‍රහාරක ගුවන් යානා රැගෙන යාහැකි මෙම නෞකාවේ සාගර පරීක්ෂණ චාරිකා මේ මස මුල් සතිදෙක තුළ දි ඇර⁣ඹීමට නියමිතයි.

සම්පූර්ණයෙන්ම  දේශීය වශයෙන් නිපදවා ඇති නෞකාව නිල වශයෙන් දියත් කිරීම ලබන වසරේ මුල්භාගයේදී සිදුකිරීමට නියමිත බව සදහන්.

ඇමරිකාව ,බ්‍රිතාන්‍යය ,රැසියාව ,ප්‍රංශය වැනි රටවල් සතුව ගුවන් යානා හාරක නෞකා රැසක් පැවතියත් ඉන්දියානු සාගර කලාපයේ ගුවන් යානා හාරක නෞකා සතුව ඇත්තේ චීනයට සහ ඉන්දියාවට පමණයි.

චීනය සතුව එවැනි නෞකා දෙකක් පවතින අතර ඒ  පැරණි සෝවියට් නිෂ්පාදනක් වන ලියොනින්ග් හා චීනයේම නිෂ්පාදනයක් වන ෂැන්ග්ඩොන් යන නෞකායි.

කලක් රැසියාව සතුව තිබූ ගුවන් යානා හාරක නෞකාවක් අයි එන් එස් වික්‍රමාදිත්‍ය නමින් ඉන්දියාව සතුව ඇති අතර අලුතින් දියත් කිරීමට සැරසෙන අයි එන් එස් වික්‍රන්ට් ඉන්දියාව සතු දෙවන ගුවන් යානා හාරක නෞකාව වනු ඇති.

 චීන ක්‍රියාකාරකම් ඉහළයාම හමුවේ ඉන්දියන් සාගරයේ පවතින උණුසුම් ආරක්ෂක වාතාවරණය ඉන්දියාව මෙම නෞකාව කඩිනමින් දියත් කිරීමට සැලසුම් කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here