කැස්බෑවුන් සහ තල්මස් මරණ 250 දක්වා ඉහළට…

0
383
තල්මසකුගේ සහ කැස්බෑවකුගේ සිරුරක් පානදුර, නල්ලුරුව වෙරළට ගොඩ ගසා තිබේ.

එම සිරුර අත්තිඩිය වනජීවි නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා රැගෙන යාමට නියමිතය.

අප වාර්තාකරු සඳහන් කළේ, තල්මසාගේ සිරුර අඩි 8යි අගල් 3ක් පමණ දිගකින් යුක්ත බවය.

මේ අතර කොස්ගොඩ වෙරළ තීරයට ද කැස්බෑවෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.

මේ වනවිට මිය ගිය කැස්බෑවන් 180 දෙනෙකුගේ සිරුරු මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගෙන ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ දිනය වනවිට ගොඩ ගසා ඇති ඩොල්ෆින් මත්සයින් ගණන 20 ක් බවයි.

කැස්බෑවන්ගේ සිරුරුවල ඇත්තේ කුමන රසායන ද්‍රව්‍ය ද යන්න සොයා බැලීමට ඔවුන්ගේ කොටස් විදේශ රටකට යැවීමට පියවර ගන්නා බව ද වනජීවි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here