Sunday, September 22, 2024

පළාත් සංචරණ සීමා තවදුරටත්.. SPA විවෘත කෙරේ…

දැනට බලපැවැත්වෙන සංචරණ සීමා ලිහිල් කිරීම ජුලි 19 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, අන්තර් පළාත් සංචරණ සීමා කිරීම් ජුලි 05 සිට තවත් දින 14කට බලපැවැත්වෙනු ඇති.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව මාර්ගෝපදේශ පද්ධතියක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, පොදු ප්‍රවාහන සේවාවල ගමන් කළ හැකි මගී සංඛ්‍යාව ආසන ධාරිතාවෙන් 50% ක් වන අතර බස්නාහිර පළාත තුළ ආසන ධාරිතාවෙන් 30%ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පුද්ගලික / කුලී රථ සහ ටැක්සි රථවල ගමන් ගත හැකි මගී සංඛ්‍යාව ආසන ධාරිතාවයට පමණක් සීමා කර තිබේ.

මංගල උත්සව සඳහා අවසර නොමැති අතර 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහය ලියාපදිංචිය කළ හැකිය.

අවමංගල්‍යය අවස්ථාවකදී දේහය මුදාහැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කළ යුතු අතර සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 15කි.

සිනමා ශාලා, උද්‍යාන,වෙරළ, පිහිනුම් තටාක , Pub, Bars, Casino සහ රාත්‍රි සමාජ ශාලා, ඔට්ටු ස්ථාන වසා ඇති අතර සම්භාහන මධ්‍යස්ථාන (Spa) විවෘතව පවතී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles