අගමැති තුමා දළදා වඳියි…

0
457
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළඳා සමිඳුන් වැඳපුදා ගෙන තිබේ.

ශ්‍රී දළදා මාළිගාවට පැමිණි අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහත්වරුන් විසිනි.

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා දළදා වහන්සේගේ තේවාව භාරව කටයුතු කරන අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ශ්‍රී රතනපාල ධම්මදස්සි අනුනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.

අග්‍රාමාත්‍යවරයා මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාමිහියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි.

මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමි සහ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේලාගේ සුව දුක් විමසා බැලුවේ ය.

පසුව අස්ගිරි මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

ඉන්අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අස්ගිරි ගෙඩිගේ විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි අනුනාහිමියන් බැහැ දුටුවේ ය.

ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණි අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති කැප්පැටියාගොඩ සිරිවිමල නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

එහිදී මහවැලි ගඟට යාවන ගැටඹේ බෝධියේ පැති බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත.

යුද හමුදාවේ සහය ඇතිව මහවැලි අමාත්‍යාංශයට යටතේ අදාළ ඉදිකිරීම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්ව මහතාට උපදෙස් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් ක⁣ළේ ය.

මේ අතර අස්ගිරි මහා විහාර පිරිවෙන වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශ්‍රාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමි බැහැ දැක ආශිර්වාර්ද ලබා ගත්තේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here