Monday, September 23, 2024

මේක තනිකරම හොර පොහොට්ටුවක් – මරික්කාර්

සමස්ත ආණ්ඩුවම මුළුමනින්ම අසමත් බවත් සියලු කාරණා වලදී ඔවුන් පෙන්වා ඇත්තේ අසාර්ථකභාවය පමණක් බවත් පා.ම එස් එම් මරික්කාර් මහතා චෝදනා කරයි..
තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

”අපි අද කැමතියි ආණ්ඩුවෙ ෆේල් ටෝප් ටෙන් පෙන්නන්න. ඉස්සේල්ලාම ආණ්ඩුවේ ෆේල් එක්කෙනා කවුද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩ කරන රටක් නිර්මාණය කරනවා කියලා අද ෆේල් රටක් බවට පත්වෙලා තියෙනවා ඒ අංක එක. අංක දෙක මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මැතිතුමා මහ බැංකු හොරු අල්ලනවා වෙනුවට ඒ අයට අයිති මෙන්ඩිස් අරක්කු කර්මාන්ත ශාලාව නැවත පටන් ගන්න ඉඩ දීලා මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා. දැන් ෆේල් තුන නාමල් රාජපක්ෂ මහත්මයා ලංකාවේ ක්‍රිකට් අගාදයටම ගෙනිහිල්ලා අපේ රටේ ක්‍රීඩාවේ අනාගතය අඳුරුතම යුගයකට අද ගෙනන්ලා තියෙනවා. ෆේල් හතර සෞඛ්‍ය ඇමිතිනී පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය මුට්ටි සහ පැණි පස්සේ අපේ රට ගෙනිහිල්ලා මේ රටේ පන්සල්, පල්ලි, කෝවිල් වහලා හැබැයි ස්පා අරින්න අවස්ථාව දීලා තියෙනවා. ෆේල් අංක පහ අධ්‍යාපන ඇමති ජී. එල් . පීරිස් මහත්මයා දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය අවුරුද්දක් තිස්සේ අහිමි කරලා ඒ දරුවන්ගේ අනාගතය අඳුරු කිරීම තුළ අධ්‍යාපනය ඇමතිවරයා ෆේල්. ෆේල් අංක පහ මහින්දා නන්දඅලුත්ගම මහත්මයා . හාල් ඇටයක් පිටරටින් ගේන්න දෙන්නේ නෑ කිව්වා. මේ රටේ ගොවියන්ට පොහොර අර්බුදයක් නිර්මාණවය කරලා අනාගතේ මේ රටේ ආහාර අර්බුදයක් කරා මෙහෙය වන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. බන්දුල ගුණවර්ධන මහත්මයා දැන් එතුමා හාල්, එළවළු, පොල් මෙකි නොකී හැම ආහාර ද්‍රව්‍යකම මිල දෙතුන් ගුණයකින් වැඩි කරලා කලු සල්ලි ලංකාවට ගේන්න ඉඩඅරින්නත් ලෑස්ති වෙනවා. ඊළඟට ෆේල් අංක අට. අමාත්‍ය උදය ගම්මන්පිල මැතිතුමා තෙල් මිල වැඩි කරලා බස් ගාස්තු වැඩි කරවලා ඒ හරහා ආහාර පාන ඇතුළු සියලුම අත්‍යවශය ද්‍රව්‍යන්වල මිල වැඩි කිරීමේ වග උත්තරකරුවා ඇමති උදය ගම්මන්පිල. ෆේල් අංක නවය වරාය ඇමතිතුමා අපේ රටේ වරාය අකර්මණ්‍ය කරලා බටහිර පර්යන්තය ඉන්දියාවේ එක පෞද්ගලික සමාගමකට විකුණන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ෆේල් අංක දහය. ඇමති සරත් විරසේකර මැතිතුමා. එතකොට පාස්කු ප්‍රහාරයන්ට දඬුවම් ලැබිලද කියන ප්‍රශ්නාර්තය අගරදගුරුතුමාට පමණක් නෙමේ මේ රටේ ජනතාවටම තියෙනවා. මේ ආකාරයට අපිට තව ෆේල් ජාති ගොඩාක් කියන්න පුළුවන් නමුත් මේකෙන් පේන්නේ සමස්ත ආණ්ඩුවම ෆේල්. මේක තනිකරම හොර පොහොට්ටුවක්. ජනතාව බොරුවෙන් වංචාවෙන් මුලා කරපු පොහොට්ටුවක්.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles