ගුරු සංගමයේ ලේකම් ඇතුළු පිරිසට නිරෝධායන දඬුවම හිමිවෙයි…

0
576

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් විරෝධතාවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුළු 33 දෙනාගෙන් 15 දෙනෙකු ඇප මත මුදා හැරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමුකර තිබේ.  

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක් සංවිධානය කළේ යැයි අද දහවල් ඔවුන්ව අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු එම පිරිස පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

පසුව ඔවුන් ව රුපියල් 25,000ක් බැගින් වූ පුද්ගලික ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය නියෝග කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here