Thursday, September 26, 2024

ඉතාලිය ලෝක පාපන්දු සූරතාව දිනයි… රට පුරා සැණකෙළි

ඉතාලි පාපන්දු කණ්ඩායම ලද යුරෝපා පාපන්දු ජයග්‍රහණය හේතුවෙන් ඉතාලියේ නගර බොහොමයක් සැණකෙළි සිරියක් ගෙන තිබෙනවා. මෙරට වේලාවෙන් අද අලුයම පැවති මෙම තරගය ඉතාලි කණ්ඩායම ජය ගැනීමත් සමග රෝමය, මිලාන් ඇතුළු නගර රැසක ඉතාලි පාපන්දු ලෝලීන් වීථිවලට පැමිණ ජය ඝෝෂා නගමින් මෙම ජයග්‍රහණය සමරනු ලැබුවා.

ඉතාලිය යුරෝපා පාපන්දු ශූරතාවක් දිනා ගත්තේ වසර 53 කට පසුවයි. අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කරමින් ඉතාලිය මෙම විශිෂ්ඨ ජයග්‍රහණය අත්කර ගත්තා. තරගයේ නියමිත කාලය අවසන් වනවිට දෙපිළම ගෝල එක බැගින් ලබාගත් අතර අතිරේක කාලයේදී දෙපිළම ගෝල වාර්තා කිරීමට අසමත්වීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම සදහා දඩුවම් පහර අවස්ථාව ක්‍රියාත්මක කෙරුණා.

එහිදී ගෝල 3 ට දෙකක් ලෙස දඩුවම් පහර අවස්ථාව ජයගත් ඉතාලිය මෙවර යුරෝපා කුසලාන පාපන්දු තරගාවලිය සිය මව්රටට රැගෙන ගියා. එංගලන්තය පළමුවරට යුරෝපා පාපන්දු කුසලානයක පහස විඳගන්නා අයුරු සියැසින් දැක ගැනීමට ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයට පැමිණි එංගලන්ත පාපන්දු ලෝලීන්ට මෙම පරාජයෙන් පසු හඩා වැටෙන අයුරු දක්නට ලැබුණා.

කෙසේවෙතත් එංගලන්තය ලද මෙම පරාජය දරාගැනීමට නොහැකිවූ එංගලන්ත පාපන්දු ලෝලීන් පිරිසක් තරගයෙන් අනතුරුව වෙම්බ්ලි ක්‍රීඩාංගණයෙන් පිටව යන අවස්ථාවේදී ඉතාලි පාපන්දු ලෝලීන්ට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංචරණය වෙමින් තිබෙනවා. 

යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ අනුශූරතාව දිනාගත් එංගලන්ත කණ්ඩායමට පිරිනැමුණු මුදල් ත්‍යාගය එරට සෞඛ්‍ය කටයුතු සදහා පිරිනැමීම විශේෂත්වයක්. ඊයේ පැවති එම තරය නැරඹීම සදහා විලියම් කුමරු සහ කේට් කුමරිය මෙන්ම එංගලන්තයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්ද පැමිණ සිටියා.

මෙවර යුරෝපා පාපන්දු ශූරයින් වූ ඉතාලි කණ්ඩායමට පිරිනැමුණු මුදල් ත්‍යාගය ස්ටර්ලින් පවුම් මිලියන 24 ක් පිරිණැමුනා. එය මෙරට මුදලින් රුපියල් කෝටි 670 කට අධික වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles