Wednesday, September 25, 2024

චීනයට තවත් ණයවෙයි…

යුවාන් බිලියන 10 ක ණය මුදලක් චීන රජයෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. එය අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහකට සමාන අගයක් බවයි නෙත් නිවුස් කළ විමසීමකදි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. අවශ්‍ය මොහොතක එම ණය මුදල ලබාගැනීමට කටයුතු කරන බවද කබ්රාල් මහතා සඳහන් කරා

මෙම ණය මුදල රජය යුවාන් මුදල් ඒකකවලින් ගෙවීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සදහන් කළා. චීනයේ යුවාන් මුදල් ඒකකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සංචිත මුදල් ඒකකයක් ලෙස පිළිගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

මේ අනුව රට චීනයට ණය වී ඇති ප්‍රමාණය මෙතෙක් ගණන් බලා නැති බවද වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles