කියුබාවට අත නොතබනු!

0
373

කියුබාවේ කොමියුනිස්ට් පාලනයට එරෙහිව ඉකුත් ඉරිදා පැවති ඓතිහාසික විරෝධතාවට සහය දැක්වූ සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසනවා.

විරෝධතාවට එක්වූවන්, සමාජ ක්‍රියාකාරීන්, ස්වාධීන මාධ්‍යවේදීන් ඇතුලු පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හවානා අගනුවර ඇතුළු නගර රැසකට රැස්වූ දහස් සංඛ්‍යාත කියුබානුවන් පිරිසක් එලෙස විරෝධතාවල නිරත වුණේ ආර්ථිකය කඩාවැටීම, ආහාර හා ඖෂධ හිඟය මෙන්ම භාණ්ඩ මිල ඉහළ යාමට එරෙහිවයි.

විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇත්තේ අයිතීන් වෙනුවෙන් සටනක නිරතව සිටින කියුබානු ජනතාව සමඟ අමෙරිකාව සිටින බවයි. කෙසේ වෙතත් සිය රටතුළ ඇතිවූ විරෝධතාවලට අමෙරිකාව අනවශ්‍ය ලෙස මැදිහත්ව ඇති බව කියුබානු රජය චෝදනා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here