Wednesday, September 25, 2024

අහක යන පොහොර නැවක් ලංකාවට ඇවිත්! – නලින්ද

පොහොර පිළිබඳව ගොවි ජනතාව, දේශපාලන හා සිවිල් ක්‍රියාකාරීන් ගැටලු ගණනාවක් පෙන්වා දෙද්දී තහනම් කළ රසායනික පොහොර තොගයක් වරායට ගෙන්වීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අද(13) අනාවරණයක් කර තිබේ.

එම අනාවරණය සිදු කරමින් අදහස් පළ කළේ, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතායි

”රසායනික පොහොර ආනයනය මුළුමනින්ම තහනම් කළාය කියලා ජනාධිපතිවරයා විටින් විට මේ රටට ප්‍රකාශයට පත්ක කරලා තියනවා. පසුගිය දවසක ජාතිය ඇමතීමේදී ප්‍රමුඛ ප්‍රකාශයක් බවට පත් කළා රසායනික පොහොර ආනයනය තහනම් කියලා. දැන් අපට තොරතුරු ලැබිලා තියනවා පහුගිය මේ ජූලි මාසේ 09 වෙනිදා කොළඹ වරායට ගෙනල්ලා තියනවා යුරියා මෙට්‍රික් ටොන් 10,000 ක්. ජනාධිපතිවරයාට දන්න කියන ජනාධිපතිවරයාට හිතවත් යම් යම් සමාගම්වලට රසායනික පොහොර ගෙන්වීම සඳහා අවසරය ලබාදීලා තියනවා. මේ අවසරය ලබාදීලා තියෙන්නේ කවුද? ජනාධිපතිවරයා තවමත් රසායනික පොහොර ආනයනය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමේ තීන්දුවේ ඉන්නවාද කියන එක රට දැනගන්න කැමතියි. දැන් ජනාධිපතිවරයා මේ පොහොර ගෙන්නෙව්වේ කොහොමද මේකට අවසර ලබා දුන්නේ කොහොමද කියන එක පිළිබඳව රටට ප්‍රකාශයට පත් කරන්න ඕන එහෙම නැත්තම් ජනාධිපති ලේකම් කාර්යාලය මීට දවස් දෙකකට කලින් කියපු ප්‍රකාශය බොරු බවට පත්වෙනවා. යූරියා මෙට්‍රික් ටොන් 10000 ක් සහිත නැවක් ලංකාවට ආවේ කොහොමද ඒ ගැන කියන්න ඕන මේවා හොරෙන් එන්න බැහැ නිකං මේ මුහුදු යන නැව් වරයේදී දැක්කට පස්සේ ඇතුල් වෙනවා කියලා කියන්න බෑ මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට.”

මේ පිළිබඳව අද මාධ්‍යවේදීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් විමසීමක් කළේය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ නැවක් පැමිණීම පිළිබඳ තමා දැනුවත් නොමැති බවත්, පසුගිය අප්‍රේල් 27 වැනිදායින් පසු කිසිඳු පොහොර වර්ගයක් ගෙන්වීමට රජය අවසර ලබා නොදුන් බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles