Tuesday, September 24, 2024

ස්ටාලින්,හංසමාලි හෝ කාටත් එක සමානව නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසියට සිදුවෙනවා – සෞඛ්‍ය ඇමතිනිය

කවුරුන් හෝ නිරෝධායන රීති කඩකරන්නේ නම් ඔවුන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට දන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

“සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩන ජෝසෆ්  ස්ටාලින්, වී. අයි ලෙනින්, කාල් මාක්ස්, පියුමි හංසමාලි හෝ PHI මහත්තයාගේ මුහුණට කෙළ ගහපු මොහොමඩ් වුණත් කාටත් එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසියට සිද්ධ වෙනවා,” යනුවෙන් ඇය සඳහන් කළාය.

“ලෝකයේම පිළිගත් ආකාරයට අපේ රට තුළත් අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ පනවනවා. අපේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පනවන්නේ ජෝසෆ් ස්ටාලින් වෙනුවෙන්වත් වී. අයි ලෙනින් වෙනුවෙන්වත් කාල් මාක්ස් වෙනුවෙන්වත් එහෙමත් නැත්නම් වෙන කවුරුවත් වෙනුවෙන්වත් නෙමෙයි. කවුරු හරි එම මාර්ගෝපදේශ කඩනවා නම් තදින් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි පොලීසියට උපදෙස් දීලා තියෙනවා. එම නීතිය ක්‍රියාත්මක කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩන ජෝසෆ් ස්ටාලින්, වී. අයි ලෙනින්, කාල් මාක්ස්, පියුමි හංසමාලි හෝ PHI මහත්තයාගේ මුහුණට කෙළ ගහපු මොහොමඩ් වුණත් කාටත් එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසියට සිද්ධ වෙනවා. ගුරු වෘත්තීය සමිතිවල ප්‍රධානියා පාරට බැහැලා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන කොට අපි කොහොමද දරුවන්ට කියන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න කියලා. ඒ නිසා දේශපාලන පක්ෂවල උවමනාව මත මේ කරන ඊනියා වෘත්තීය සමිති සටන් දෙයියනේ නවත්වන්න.”

එමෙන්ම කොවිඩ් අර්බුදය නිමාවන තුරු වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමෙන් වළකින ලෙස එතුමිය ඉල්ලා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles