අපි අල බතල වවාගෙන සතුටින් ඉන්නවා – SB

0
489
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යා⁣ලයේ 40% ක් පමණ හමුදාවේ නොවන සිවිල් දරුවන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මෙම විශ්වවිද්‍යාලයේ දරුවන් නියමිත කාලයේ උපාධිය අවසන් කර පිටව යන බවයි.

”ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාල සේරගේම ක්‍රියාත්මක වෙන පාඨමාලා මේකේ යනවා. මේකේ 40% ක් විතර සිවිල් දරුවෝ ඉන්නවා. හමුදාවේ නොවන. මේ විශ්වවිද්‍යාල එකකවත් ඉතා වගකීමෙන් කියනවා කිසිම දරුවෙක් මහපාරවල්වල බෝඩ් අල්ලගෙන අවුරුද්දේ වැඩි කාලයක් ඉන්නේ නෑ. මේ කිසිම දරුවෙක් විශ්වවිද්‍යාල ඇතුලේ ගංජා බොන්නේ නෑ. මේ කිසිම දරුවෙක් විශ්වවිද්‍යාලය ඇතුලේ ගස් යට අරක්කු බොන්නේ නෑ. මේ කිසිම විශ්වවිද්‍යාලයක දරුවෙක් නියමිත කාලයේ උපාධිය කරලා විශ්වවිද්‍යාලයෙන් පිටත් වෙනවා. මොන රටේද හමුදා යුනිවසිටි නැත්තේ. මං මාසයක නායකත්ව පුහුණුවක් දුන්නා හමුදා කඳවුරුවලට. හමුදා අභ්‍යාස ආයාතනවලට. ඕකට නඩු හතක් ගියා ශ්‍රේෂ්ඨාධිකරණයේ. අද ඒ පාඨමාලාව කරපු දරුවෝ අපිට වදිනවා, මේ විවාදයේදී අපේ කණ්ඩායම අසමත් වුණා විපක්ෂේ එක ප්‍රශ්නෙකටවත් උත්තර දෙන්න. එක ප්‍රශ්නෙකටවත් උත්තර දෙන්න. මම දැන් පාර්ලිමේන්තුව පිටිපස්සට වෙලා ඉන්නවා මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මන් මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යේෂඨඥ ජ්‍යේෂඨ කෙනෙක් තමා ඔය පාර්ලිමෙන්තුවේ ඉන්න. ඔය සේරටම වඩා මං ජ්‍යෙෂ්ඨ. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ. අපි ජ්‍යෙෂ්ඨයෝ තමයි අපි දැන් බොහෝම පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා”

ප්‍ර – ඔබතුමා ඉන්නේ කලකිරීමෙන් ද?

එහෙමත් නැත්තම් ඉතින් අපේ ඔලුවේ අමාරුවක් තියෙන්න එපැයි. ඒක මහා පරාජයක් කරලා කියන්නේ නෑ. අපි හිනාවෙලා ඉන්නවා අපි සතුටින් ඉන්නවා. පන්සල් යනවා, මඤ්ඤොක්කා හදනවා, අල හදනවා අපි ඉන්නවා. බොහොම සතුටින් ඉන්නවා. මට කරපු වැඩේ වැරදී කියලා තමයි මන් කියන්නේ, හිතන්නේ හැබැයි මන් ඒ ගැන සැලීමක් නෑ. මං බොහොම සතුටින් ඉන්නවා. මම හිතනවා මට දුන්නේ නැති එක වැරදී කියලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here